රුසියාවේ උරාල් ප්‍රාන්තයේ චෙලියබින්ස්ක් නගරයට සිකුරාදා සවස ඇද හැළුණු උල්කාපාත වර්ෂාවක් නිසා රුසියාව පුරාම හදිසි භීතියක් පැතිරගිය බව වාර්තාවිය.
උල්කාපාත ඇදහැළෙණ දුටුවන් කියා ඇත්තේ ඒමොහොතේ මුළු ප්‍රදේශයම දෙදරුම්කාගියබවයි. ගහකොළ සහ ගොඩනැගිලි හෙල්ලුම් කෑවේය.
එදිනම මෙම අපුරු වායුගෝලීය සංසිද්ධිය රුසියාවේ වෙනත් නගර කිහිපයකින්ම වාර්තාවිය. එම ස්ථානවල සිදුවූ පිපිරීම් නිසා පන්සියයක් පමණ තුවාල ලැබූ බවත් දේපළහානියද විශාල බවත් වාර්තා විය.