උල්කාපාතයක් හඳට වදී


පෘතුවියේ සිට කිලෝමීටර 384,400 පමණ දුරකින් පිහිටා තිබෙන සඳ මත පසුගිය මර්තු මාසයේ 17 වැනි දින සිට සිදුවෙමින් තිබෙන පිපිරීම් කිහිපයක්ම පියවි ඇසින් පෘතුවියේ සිට දැකීමට හැකි වූ  බව ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි.

අවකාශයේ පාවී යන විවිධ ප්‍රමාණයේ උල්කාපාත කැබැලි හා කොටස් 300කට වඩා, කාලයක් තිස්සේ විවිධ අවස්ථාවන්හිදී සඳ මත ගැටී ඇති බවත්, මාර්තු මාසයේ මීටර 20ක් පමණ පළල ඇති උල්කාපාල කොටසක්, පැයකට කිලෝ මීටර අනූ දහසක වේගයෙන් පැමිණ සඳ මත ගැටුණු බවත් නැෂනල් ජියෝග්‍රැෆි ආයතනයත් පෙන්වා දෙයි.

සඳ මත ගුරුත්වාකර්ෂණයක් නොමැති වුවද, මෙම ගැටීමෙන් පසු, සඳට ආසන්නව පාවී යමින් තිබූ සාමාන්‍ය ප්‍රමාණයේ උල්කාපාත කැබලි ද, සඳ මතුපිටට ඇදෙන්නට පටන් ගත් බවත්, ඒවා වැදෙන අයුරුත් එයින් ගිනි පුපුරු පිටවෙන අයුරුත් පියවි ඇසට දැකීමට හැකි වූ බවත් නාසා ආයතනය පවසයි.