උයන්වතු වලින් කෝටි 42 ක්


ජාතික උද්භිද උද්‍යානවලින් ඉහළම ආදායම වාර්තා කරමින් පසුගිය වසරේදී රුපියල් කෝටි 41.65 ක් ආදායමක් උපයාගෙන ඇත.

සංචාරකයන්ගේ පැමිණීම සියයට 13 කින් වැඩිවීම ඊට හේතුව බව දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර පවසයි.

මෙම ආදායමෙන් රුපියල් කෝටි 31.48 ක්ම උපයාගෙන ඇත්තේ එතෙර සංචාරකයන්ගේ ටිකට් පත‍්‍ර ගාස්තුවෙනි.

 රුපියල් කෝටි 7.3 ක් දේශීය සංචාරකයන්ගෙනි. රුපියල් කෝටි 2.85 ක් පැල විකිණීම ආදියෙනි.