උමාරා සහ චිත්‍රාල්ගේ 'මලකුත් තිබුණා'


 

2016-09-20-ent-41

චිත්‍රාල් සෝමපාල නම ඇසූ විට බොහෝ දෙනා ඔහුව හඳුන්වන්නේ රොක් අභාසයක් ඇති ගායකයෙකු ලෙසය. නමුත් එම රාමුවෙන් පිටත සිට ඔහු වෙනත් ගීත ගායනා කර ඇති බවද කිව යුතුය. කෙසේ නමුත් රොක් ගීත ශෛලියෙන් පිටත සිට ගායනා කරන ගීතයක් අපි මෙවර New Release on Youtube තුළින් ඔබ වෙත ගෙන එන්නෙමු.

ඒ, චිත්‍රාල් සෝමපාල සහ උමාරා සිංහවංශ විසින් ගායනා කරනු ලබන "මලකුත් තිබුණා" ගීතයයි. උමාරා සිංහවංශ බොහෝ කාලයක් ගීත ගායනයෙන් ඈත්ව සිටි අතර, මෙම ගීතය තුළින් නැවතත් ඈ ක්ෂේත්‍රයට එක්වූවාය. වෙනස්ම ආකාරයේ ගීතයක් ලෙස හැඳින්වීමේදී කිය යුතු කාරණාවක් වන්නේ, මේ කාලයේ ඇති වී තිබෙන විරහව රැල්ලෙන් එහාට ගිය ගීතයක් ලෙසය. චිත්‍රාල් සෝමපාලයන්ගේ ගීත ශෛලයට ආදරය කරන ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්වූවාට කිසිදු වරදක් නොමැත.
 

එළිදැක් වූ දිනය - 2016 සැප්තැම්බර් 11

ගායනය - චිත්‍රාල් සෝමපාල සහ උමාරා සිංහවංශ

පදරචනය - ධනුෂ්ක ගුණවර්ධන

සංගීතය - අරුණ ගුණවර්ධන

 

2016-09-20-ent-39

2016-09-20-ent-40