උමා ඔයට වතුර දෙන්න මහ උසාවිය මැදිහත් වෙයි


උමාඔය බහුකාර්ය යෝජනා ක‍්‍රමයෙන් අගතියට පත්වූ ජනතාවගේ පානීය ජල අර්බුදයට විසඳුම් ලබන වසරේ ජනවාරි 28 වැනි දිනට පෙර ලබා දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) පරිසර සහ මහවැලි අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කළේය.

ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් ජනවාරි 30 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද  දැන්වීය.

මෙම ව්‍යාපෘතියෙන් හානියට පත් ජනතාවට වන්දි ලබා දීම සම්බන්ධයෙන් වන්දි ඉල්ලූම්පත් 1028 ක් ලැබී අති බවත් , ඉන් 950 ක් පරීක්ෂාවට ලක් කර ඇති බවත් ,ඊට අමතරව යෝජනා ක‍්‍රම තුනකින් ප‍්‍රදේශයේ ජනතාවගේ පානීය ජල ප‍්‍රශ්නයට විසඳුම් ලබා දීමට කටයුතු කරන බවත් නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා කියා සිටියේය.

අග විනිසුරු කේ.ශ්‍රී පවන් සහ ප‍්‍රියන්ත ජයවර්ධන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සළකා බැලිණි.