උමා ඔය විපතට පත්වූවන්ට සහන සලසන්න රජයේ අනුමැතිය


උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය නිසා ඇති වී ඇති ආපදා තත්ත්වය වෙනුවෙන් ග්‍රාමසේවා වසම් අටක විපතට පත් ජනතාවට සහන සැලසීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.පුර්ණ හානියට පත් නිවාස සඳහා නිවසක් ඉදිකර දීමටද,පානීය ජල සබඳතා නොමිලේ ලබා දීමටද යෝජනා වී තිබේ.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රධාන උමග ජල කාන්දුවකින් මෙම ආපදා තත්ත්වය ඇති විය.