(තිළිණි ද සිල්වා, රංජන් කටුගම්පොළ)
උමාඔය බහුකාර්ය යෝජනා ක‍්‍රමයෙන් අගතියට පත්වූ ජනතාවගේ පානීය ජල අර්බුදයට විසඳුමක් ලෙස ක්‍රියාත්මක කරන ලද ජල යෝජනා ක‍්‍රම දෙකෙන් එකක වැඩ කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර සෙසු ජල යෝජනා ක‍්‍රමයේ වැඩ කටයුතු මැයි මස අගදී අවසන් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (4) දැනුම් දුන්නේය.
එහිදී අධිකරණයට වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ එම ව්‍යාපෘතිය නිසා වගා හානියට ලක්වූ ගම් වැසියන්ට වන්දි ලබා දීමේ කටයුතු මේ වන විට කරමින් පවතින බවයි.
මෙම පෙත්සම ඊවා වනසුන්දර ,අනිල් ගුණරත්න සහ නලින් පෙරේරා යන මහත්වරුන් ගෙන සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

