උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයෙන් පීඩාවට පත් ගොවීන් සඳහා ඔවුන්ගේ හානිය තක්සේරු කර වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයාට නියෝග කළේය.
එසේම මෙම ව්‍යාපෘතිය නිසා ජලය අහිමිවූ පවුල් වලට සහ ගොවීන්ට දෙසැම්බර් 31 වැනි දිනට පෙර ජලය ලබා දීමට පියවර ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේ මෙම සිද්ධියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්ව සිටිනන පුද්ගලයින් පිරිසක් ගොනු කළ පෙත්සමක් සලකා බැලු අවස්ථාවේදීය.
මෙම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රී පවන් සහ ඊවා වනසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.