උම්බලකඩ වෙළෙන්දා දිගටම රිමාන්ඩ්


මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතන කුමන්ත්‍රණ තැත සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලාංකිකයාට(27) එරෙහිව ප්‍රමාණවත් සාක්සි ඇති බව මාලදිවයින රජය ප්‍රකාශ කොට ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

මාලදිවයිනේ නීති කටයුතු පිළිබඳ ඇමතිනී අසීමා ශකූර් ප්‍රකාශ කළේ රිමාන්ඩ්  බන්ධනාගාර ගතකර සිටින බවයි.

ළහිරු මධුසංක නැමති ඔහු මාලදිවයිනෙන් උම්බලකඩ ආනයනය කරන්නෙකි.

ස්නයිපර් වෙඩික්කරුවෙකු ලෙස මාලදිවයින හදුන්වන මෙම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගැනුණේ එරට විශාලතම නීතිවිරෝධී අවි තොගය වැටලීමෙන් අනතුරුවය.

මාලදිවයිනේ උප ජනාධිපති අහමඞ් අදීබ්ද ඔහු සමග ඔක්තෝබර් 24 වනදා අත්අඩංගුවට ගැනිණි.