උපුල් ජයසූරිය පත්වීම ලබයි


ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසුරිය මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ජයසූරිය මහතා 1978 වසරේදි නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුණේය. එම වසරේදි මහ කොළඹ ආර්ථික කොමිසමේ  පළමු නීති උපදේශක විය.

1982 ශ්‍රී ලංකා ට්‍රැක්ටර් නීතිගත සංස්ථාවේ සභාපති වූ ඔහු ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිද විය.  සමාගම් ගණනාවක ඉහළ පෙළේ තනතුරු දැරීය.

41