උපුල් ජයසුරියගේ ගේ ළඟටත් ‘ලෙඩේ’පනී


තලංගම තම නිවස අසලද නාඳුනන මොටර් සයිකල්කරුවන්  සැරි සරතියි  ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති  උපුල් ජයසූරිය මහතා තලංගම පොලීසියට පැමිණිලි කළේය.

පසුගිය ජුලි 15 වැනිදා කුරුදුවත්ත පොලීසියට ඔහු මෙවැනිම පැමිණිල්ලක් කළේය.

ජයසුරිය මහතා පොලීසියට කියා ඇත්තේ මොටර් රථ සයිකල්කරුවන් දෙදෙනකු  සැක කටයුතු ලෙස පසුගිය 15 වැනිදාත් 17 වැනිදාත් තම නිවස අසල  සිටි බවට අසල් වැසියන් තමාට දැන් වු බවයි.

කුරුදුවත්තේ දී නාඳුනන මොටර්සයිකල්කරුවන් තමා පසුපස ආ බව සිසීටීවී කැමරාවල ද සටහන් වු නමුත් මෙතෙක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි.