දකුණු පළාත් ධීවර ඇමැතිකමින් ඩී වී උපුල් ඉවත් කර එච් ඩබ්ලිව් ගුණසේන පත් කිරීමට එරෙහිව සන්ධානයේ පළාත් මන්ත්‍රීන් පිරිසක් පළාත් සභා රැස්වීමේදී විරෝධය පළ කිරීමට සිදුවීමත් සමග රැස්වීම අගෝස්තු අට වැනිදා තෙක් කල් තැබීමට සභාපතිවරයාට සිදු විය.
පළාත් ධීවර ඇමැති ලෙස ගුණසේන මහතා පත් කර ඇතැයි පළාත් සභාවේ සභාපති කේ ඒ සෝමවංශ මහතා සභාවට දැනුම් දුන්නේය. ඉන් පසු උපුල් මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අතර පසුව ඔහු සහ තවත් මන්ත්‍රීවරු පිරිසක් පළාත් සභාපති අසලට ගොස් විරෝධය පළ කළහ. සිංහ ගාමිණී මන්ත්‍රීවරයා සිය විරෝධය කවියෙන් ඉදිරිපත් කළේය.