(ටෝනි කරුණානායක )
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ බිරිඳට පහරදී තුවාල සිදු කළැයි කියන නඩුව අද (05) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවු අවස්ථාවේදී ලබන වසරේ ජනවාරි මස 11 වැනිදා දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා නියෝග කළේය.
උදෘත නීතිපතිවරයා වෙත යොමු කර යොමු අංකය එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
2009 වසරේ ජනවාරි 23 වැනිදා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ බිරිදට පහර දීම ගම්පහ ඉඹුල්ගොඩදී සිදු වී තිබිණි .
එම නඩුවේ පළමු සැකකරු වන ප්‍රේම් ආනන්ද උදලාගම යන අය යුද හමුදාවෙන් විශ්‍රාම ගොස් ඇති බවත් එම සැකකරු සහ ඇප මත සිටින සැකකාර යුද හමුදා මේජර් ප්‍රභාත් සීවලී බුලත්වත්ත ඇතුළු යුද හමුදා සාමාජිකයින්ට නඩු පැවරීමක් සිදු නොකිරීමෙන් යුද හමුදාවෙන් තම සේවාදායකයින්ට ලබා ගත හැකි වරප්‍රසාද අහිමි වී ඇතැයි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සඳහන් කළේය.
උපාලි තෙන්නකෝන්ට පහර දීමේ නඩුව ජනවාරි 11 ට කල්යයි
Recommended Articles