උපාලි කොඩිකාරට නඩු


බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසමේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධරයනට බාධා කළැයි බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැති උපාලි කොඩිකාරට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය අද (2) නඩුවක් ගොනු කළේය.

මෙම නඩුව ගැන මාධ්‍යයට ප්‍රකාශ කිරීම තහනම් කරමින් ඔහුට පනවා ඇති නියෝගය ඉවත් කරන්නැයි කොඩිකාර මහතාගේ නීතිඥ ආර්.ඒ.පී.රණවක මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නඩුව ජනවාරි 18 වැනිදාට කල් තැබිය.