උපාලි කොඩිකාර අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලිය හෙට - අනිද්දා


බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සහ කොළඹ දිස්ත‍්‍රික් වොලිබෝල් සංගමය එක්ව සංවිධානය කරන ‘උපාලි කොඩිකාර’ අභියෝග කුසලාන පාසල් වොලිබෝල් තරගාවලිය හෙට සහ අනිද්දා (5 සහ 6) නාවින්න මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලියට කොළඹ දිස්ත‍්‍රික්යේ අධ්‍යාපන කොට්ඨාසවල වයස 17 න් පහළ (1997 න් පසු උපන් කී‍්‍රඩකයන්ගෙන් සමන්විත) බාලක ශූරතා දිනූ කණ්ඩායම්වලට සහ වයස 15 න් පහළ (1998 න් පසු උපන් කී‍්‍රඩකාවන්ගෙන් සමන්විත) බාලිකා ශූරතා දිනූ කණ්ඩායම්වලට සහභාගි විය හැකිය. සියලූම කණ්ඩායම් හෙට (05) පෙරවරු 8.30 ට ක‍්‍රීඩාංගණයට පැමිණිය යුතු බව සංවිධායකයෝ පවසති.

මෙම තරගාවලියට සමගාමීව කොළඹ අධ්‍යාපන කළාප වොලිබෝල් සංචිතවල පුහුණුව ලබන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ප‍්‍රදර්ශන වොලිබෝල් තරගාවලියක්ද අනිද්දා (06) පැවැත්වීමට ද නියමිතය.

තරගාවලියේ සමාප්ත උත්සවය අනිද්දා පස්වරු 6.30 ට කොළඹ දිස්ත‍්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති, තැපැල් සේවා අමාත්‍ය, ජීවන් කුමාරතුංග මහතා සහ කොළඹ දිස්ත‍්‍රික් වොලිබෝල් සංගමයේ උප සභාපති, බස්නාහිර පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර යන මහත්වරුගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.