උපාධිධාරීහු දුක කියති


මහනුවර , ටොරින්ටන් වෙළද සංකීර්ණයේ අට්ටාලය මත රැකියා විරහිත උපාධිධාරින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට මේ වන විට දින 18 ක් ගත වී ඇතත් රජයේ කිසිම බලධාරියෙක් පැමිණ සොයා බලා නොමැති බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ  සංගමයේ  මධ්‍යම පළාත්  කැඳවුම්කරු ඉදුනිල් අසංක මහතා ප්‍රකාශ කරයි.

මධ්‍යම පළාතේ රැකියා විරහිත උපාධිධාරින්  හත්දහසක් පමණ සිටින බවත් ස්ථිර වශයෙන්  සංවර්ධන නිලධාරින් සඳහා පුරප්පාඩු 1200 ක් ඇති බව ඉදුනිල් අසංක මහතා  සඳහන්  කරයි.  ගුරු පුරප්පාඩු ද ඇතත් මේ වන තෙක් ඒ සඳහාද කිසිවකු බඳවාගෙන නැතැයි ඔහු කියයි. 

web_20161254441 web_kandy_2016125