බස්නාහිර පළාත් උපාධිධාරීන් පිරිසක් රැකියා ඉල්ලමින් අද කොළඹ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලය ඉදිරිපිට කළ සත්‍යග්‍රහය බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සමග සිදුකළ සාකච්ඡාවකින් පසු අවසන් කළහ.
බස්නාහිර පළාත් උපාධිධාරීන් 682 ක් සංවර්ධන නිලධාරී තනතුරු සඳහා අයදුම්කර ඇති අතර ඔවුන්ගේ 150කට පුරප්පාඩු අනුව රැකියා ලබාදුන් බවත් ඉතිරි පිරිසටද ඉක්මනින් රැකියා ලබාදෙන බවත් අමාත්‍යවරයා පොරොන්දු විය.
ඉතිරි පිරිසට රැකියා ලබාදීම ඔවුන් උපාධි ලබාගත් අනුපිළිවෙළට සිදුකරන ලෙස උපාධිධාරීන් කළ ඉල්ලීමටද ප්‍රධාන අමාත්‍යවරයා එකඟවී ඇත.
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරිය ඇතුළු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්වූහ.
උද්ඝෝෂණය අතරතුර අත් අඩංගුවට ගත් පිරිස බැලීමටද ප්‍රධාන අමාත්‍යවරයා කුරුඳුවත්ත පොලිසියට ගියේය.


