හෝමාගම ගලවිලවත්ත, මායා මාවත අසල කහ ඉර මතින් පාර මාරුවෙමින් සිටි තරුණියක (28) ලොරියකට යටවී මිය ගිය බව පොලිසිය කියයි.
බුලත්කොහුපිටිය පදිංචිව සිටි ඇය උපාධිධාරිනියක් වන අතර පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් සිට ඇත. හෝමාගම ප්‍රදේශයේ නැවතී සිටි තරුණිය අද පෙරවරුවේ රැකියාවට යමින් සිටියදී අනතුරට ලක්ව ඇතැයි කියති.
අනතුරට ලක්වූ තරුණිය හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි.
ලොරි රථ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

