රැකියාලාභී උපාධිධාරීහු අද (11) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.
සංවර්ධන නිලධාරීන්ට වසර තුනකින් පසු රැකියා අහිමි කරන කොන්දේසි ඉවත් කිරීම, අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම, සහන මිලට යතුරු පැදි ලබාදීම, ගමන් වියදම් දීමනා අවමය රුපියල් 4000 ක් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ඔවුහු ඉදිරිපත් කළහ.





