උපාධි ධාරිණියගේ ගෙළ කපා මරලා


(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඒ.ජී.වික්‍රමසිංහ)

එකම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලයේ සිට ආදර සම්බන්ධතාවයක් පැවති බව කියන උපාධිධාරි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ පෙම්වතා ද වස පානය කර ඇතැයි රතනපුර ඇලපාත පොලිසිය පවසයි.

රත්නපුර ඇලපාත පොලිස් බල ප්‍රදේශයට අයත් දෙල්ලබඩ කරන්ගොඩ ප්‍රදේශයේ ඇයගේ නිවසේදි 29 හැවිරිදි උපාධිධිරිණිය ගෙල කපා ඇත්තේ අද උදැසන  බව පොලිස් පරික්ෂණ වලදි අණාවරනය වි තිබේ.

රත්නපුර ඇලපාත දෙල්ලබඩ පදිංචි කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන 29 හැවිරිදි චන්දිමා හර්ෂණී ගුණරත්න නැමැති තරුණියක් මෙලෙස ඝාතනය කර තිඹුණි .

ඇය රතනපුර නගරයේ පුද්ගලික මූල්‍ය ආයතණයක රැකියාවක නිරතව සිටියාය.