උපාධි අපේක්ෂිකාවගේ මවගෙනුත් යළි ප්‍රශ්න කරයි


සිය සහෝදරයාගේ විවාහ මංගල්‍යය දා රාත්‍රී ඝාතනය කැරුණු මාතලේ වරාපිටියේ ලලනි නදීශා උපාධි අපේක්ෂිකාවගේ මරණය සම්බන්ධයෙන් ඇගේ මව, සහෝදරයන් දෙදෙනකු සහ තවත් සමීපතමයන් කිහිප දෙනකුගෙන් යළි ප්‍රකාශ ලබා ගැනීමට ඇරැඹූ බව මාතලේ මූලස්ථාන පොලිසිය කියයි.

රාත්‍රී නින්දට ගොස් අලුයම නැගිට බලද්දී තමා සිටි කාමරයේ ම වෙනත් ඇඳක සිටි නදීශා නොසිටි බවත්, ඇගේ කොට්ටයේ ලේ තිබුණු බවත් මව මීට පෙර පොලිසියට කියා තිබිණි.

මීට පෙර දෙවතාවක් නිවැසියන්ගෙන් කටඋත්තර ගත්තත් ඝාතනය ගැන කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට පොලිසියට නොහැකි විය.