උපසේවා පීසීට ගැහුවාට රුපියල් ලක්ෂ 15ක් වන්දි


2002 වසරේ දී එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු සමඟ දංකොටුව පොලිසියට බලහත්කාරයෙන් ඇතුළු වී උපසේවා පොලිස් කොස්තාපල් වරයකු බිම දමා පහර දීමේ සිද්ධියට වරදකරු වූ අයකුට හලාවත මහාධිකරණ විනිසුරු එච් එම් අමල් තිලකරත්න මහතා බරපතල වැඩ සහිත වසර 10ක සිර දඬුවමක් සහ රුපියල් විසි දහසක දඩයක් නියම කළ අතර කොස්තාපල්ට රුපියල් ලක්ෂ 15ක වන්දි ගෙවන ලෙස ද නියම කළේය.

විත්තිකරු මේ වන විට අධිකරණය මඟහැර සිටින අතර ඔහු නොමැතිව නඩුව විභාග විය. විත්තිකරු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබීය.

වෙන්නප්පුවේ පදිංචිව සිටි කොස්වත්ත මුහන්දිරම්ලාගේ රුවන් චන්දන තමෙල්ට දඬුවම් නියම විය.