ලන්ඩන් බෞද්ධ විහාරයේ තවලම බන්දුල හිමියන්ගේ උපන් දිනය වෙනුවෙන් පසුගියදා පින්කමක් පැවැත්විණි.
දීර්ඝ කාලයක් තිස්සේ ලන්ඩන් බෞද්ධ විහාරයේ නේවාසිකව වැඩවසමින් ධර්මදුත වැඩකටයුතුවල නිරතවන උන්වහන්සේ, කාගේත් ගෞරවාදරයට පත්වූ හිමිනමකි.
ලන්ඩන් විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන් අනුශාසනාව පැවැත්වූ අතර එහිදී එදින පිංකම සංවිධානය කිරීමේ අරමුණද පැහැදිලිකර දුන්නේය.
ලේච්වර්ත් ධම්මනිකේථනාධිපති අකුරල සමිත හිමියන් ආශීර්වාද පුජාව මෙහෙයැවීය.
ඊස්ට්හැම් ලුම්බිණී විහාරාධිපති මාකුරේ මංගල හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කළහ. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ දේදුනුපිටියේ උපනන්ද හිමියෝ ධර්මදේශනාව පැවැත්වුහ.
ශ්‍රී ලංකා නියෝජය මහකොමසාරිස් නෙවිල් ද සිල්වා සහ එම මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.
බන්දුල හිමියන්ගේ ඉල්ලීම පරිදි පැමිණ සිටි සියලුම දෙනා සංවර්ධනය වෙමින් පවතින රටවල දුගී දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අත් උදව් සපයන රාහුල අරමුදලට ආධාර ලබා කීය.
තමන්ගේ උපන්දිනය වෙනුවෙන් සෙත්පැතීම සඳහා පිංකමක් සංවිධානය කිරීම ගැන සියලුම දෙනාට ස්තුතිකල බන්දුල හිමියන් පිංකමේ අතුරු ඵලයක් ලෙස ලබාදුන් සියලුම ආධාර මුදල් රාහුල අරමුදල මඟින් ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන ආධාර වැඩසටහන් සඳහා යොදවාගන්න බව කීය.
1998 දී ආරම්භ කළ රාහුල අරමුදල ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක දුගී එහෙත් කුසලතා ඇති දරුවන් ගේ අධ්‍යාපනය නඟාසිටුවීම සඳහා උදව් කරයි.