උපන් දින සාදයට ‘හිඟා කයි‘


සමූපාකාර ආයතනයක නායකයකුගේ උපන් දින සාදයක් වෙනුවෙන් බස්නාහිර පළාතේ ප්‍රධාන නගරයක පැවැත්වෙන උපන්දින සාදයක් සඳහා එම දිස්ත්‍රික්කයේ සේවකයන්ගෙන් රුපියල් 1500 බැගින් එකතු කරතියි එහි ආරංචි මාර්ග කියයි.

බදාදා (19)ට යෙදී ඇති එම උපන් දිනට වෙනුවෙන් රුපියල් 1500ක්   ලබා දෙන්නැයි දිස්ත්‍රික් නායකයා අනිවාර්ය කර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ආයතනයේ සේවක සේවිකාවෝ 100ක් පමණ සිටිති. නායකයාගේ උපන් දින සාදය වෙනුවෙන් රුපියල් 1500ක් එකතු කළ ද ඔවුන්ගේ මාසික වැටුප රුපියල් විසි දහසකටත්  අඩුයැයි සේවකයෝ පවසති.