දයාසිරි ජයසේකර මහතා එක්සත් ජාතික පක්ෂය හැර ගියහොත් තමා දැරණියගල නගරයේ නිර්වස්ත්‍රව ඇවිදින බවට ඔට්ටුවෙන් පැරදුණු පුද්ගලයා සොයා ගැනීමට නැතැයි නගරයේ කිහිප දෙනෙක්ම පැවසූහ.
දින තුනකට පෙර මේ ඔට්ටුව අල්ලා ඇත.
නගර වැසියෝ ද ඔහු ඔට්ටුව ඉටු කරන තුරු බලා සිටිතියි කියති.
අද උදේ නගරයට ආ ඔහු දක්නට නැතැයි කිහිප දෙනෙක්ම පැවසූහ.
දැරණියගල පොලිසිය පැවසුවේ එවැනි ස්ද්ධියක් ගැන නොදන්නා බවයි.

