(මොහොමඞ් බුහාර්දීන්)
දඹුල්ල මුලික රෝහලට දරු ප‍්‍රසුතිය සදහා පැමිණෙන මව් වරුන්ට ඹවුන්ගේ අවසරයෙන් තොරව උපත්පාලන ලූපයක් පළඳවන සිද්ධියක් ගැන අනාවරණය කළ ලංකාදිප දඹුල්ල මාධ්‍යවේදි කාංචන කුමාර ආරියදාස මහතාගෙන් දඹුල්ල මූලස්ථාන පොලිසිය අද(09) ප්‍රකාශයක් සටහන් කරගත්තේය.
එම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් දඹුල්ල මුලික රොහලේ වෛද්‍යවරයෙකු මාධ්‍යවේදියාට එරෙහිව පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලක් අනුව මාධ්‍යවේදියා පොලිසියට කැඳවා තිබිණි.
එම වෛද්‍යවරයා සිය පැමිණිල්ලෙන් කියා ඇත්තේ එම මාධ්‍යවේදියා මාධ්‍යය ආචර ධර්ම හා රෝහල් ආචාර ධර්මවලට පටහැනිව රොහලේ වාට්ටු සහ රෝගින් විඩියෝ සහ ඡායාරුප ගත කොට මාධ්‍යය මගින් රටට හෙළිකිරිමත් සමග දඹුල්ල මුලික රෝහලට අපකිර්තියක් ඇතිවු බවයි.
මේ ගැන වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස ද පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.
පැමිණිල්ල සිදුකළ වෛද්‍යවරයා පැමිණිල්ල විභාග කිරිම සදහා අද පැමිණ සිටියේ නැත.



