
(ඉන්දිකා රාමනායක)
නඩුවක විත්තිකරුවෙකු රජය රජයේ සාක්කිකරුවකු කර දෙන ලෙසට සහ තවත් නඩුවක් ඉවත් කර දෙන ලෙස පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 3 ක අල්ලස් මුදලක් ලබා ගත් උප පොලිස් පරීක්ෂකවරයෙකු අද (6) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විමර්ශන ඒකකයේ බණ්ඩාරවෙල ඒකකයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකි.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා බණ්ඩාරවෙල අධිකරණ භූමියේ ආපන ශාලාවේ දී මුදල් ලබා ගත් අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.

