උප පුරපතිගේ ගෙදර වැඩෙන් පසු මේසන් බාස් ගස් නගී


දඹුල්ලේ පෙදරේරුවෙකු දඹුලු බස් නැවතුම්පොළ ඉදිරිපිට අද අළුයම තුනේ සිට මාර ගසකට නැග සිටී.

 ඔහු කියනුයේ දඹුල්ලේ උප නගරාධිපති කුසුම්සිරි ආරියරත්න මහතාගේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ලැබිය යුතු රුපියල්  අනූ එක් දහසක මුදලක් නො‍ගෙවූ  බවයි.

එම මුදල ලබා ගැනීමට ගත් සියළු උත්සාහයන් අසාර්ථක වූ බැවින් ගසට නැගි බව ඔහු කියයි. 

උප නගාරිාධිපති පවසනුයේ ඔහුට දීමට ඇති මුදල රුපියල් විසිපන්දහසක් බවයි. ඔහු වැඩ අතර මග නතර කල බවත් ඔහුගේ වැඩ ප්‍රමිතියට නැති බවත් කියයි.

එම වැඩය නිසි පරිදි අවසන් කළොත් ඉතිරිය ගෙවන බවත් ඔහු කියයි.