බදුල්ල හාලිඇළ මාධ්‍යවේදීයාට පහර දීම කුමන බලවතෙකු සිදු කළත් එය දැඩි ලෙස හෙළා දකින බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා අද (28) මාතලේ තානායමේදී මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
‘ජනමාධ්‍යවේදීයා යනු ජාතියේ මුර දේවතාවෙක්. ලංකාවේම මාධ්‍යවේදීයා ආරක්ෂා කිරීම සියලු දෙනාගේම වගකීමක්. හාලිඇළ ලංකාදීප මාධ්‍යවේදීයා ඉටු කරන්නට ගියේ ජනතා වගකීමක් . ඔහුට පහර දීම දැඩි ලෙස හෙළා දකිනවා.කිසියම් තැන වරදක් සිදු වී තිබෙනවා නම් එය නිවැරදි කළ යුතුය. ‘

