උප ඇමැතිගෙන් පැය දෙක හමාරක් ප්‍රශ්න කරයි


අධිවේගී මාර්ග පොලිසියේ කොස්තාපල් සුමින්ද සමන්ට පහර දී ඔහුගේ නැනෝ කාරය ගිනි තැබීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තිස් දෙනකුගෙන් පමණ අද වන විට ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.

සමූපකාර නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාගෙන් පැය දෙක හමාරක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලියාගෙන ඇත.

එම කොස්තාපල්ගේ සහෝදරයකු  ඇමෙරිකාවේ සිටින බවත්, ඔහු ද ඇමෙරිකාවට යෑමට වීසා ඉල්ලා ඇති බවත් ප්‍රශ්න කිරීම්වල දී සඳහන් විය.

රුපියල් ලක්ෂ 30ක වත්කමක් පෙන්වීමට අපහොසත් වීම නිසා ඔහුට වීසා නොලැබුණු බව ද දැනගන්නට තිබේ.