ලග්ගල ප්‍රදේශයේ මහා පරිමාණ මැණික් පතල් කැපීම් පොලිස් ආරක්ෂාව මැද සිදුවෙතියි මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී සම්බන්ධිකරණ කමිටු සභාපති කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂමන් වසන්ත පෙරේරා මහතා චෝදනා කළේය.
නියෝජය අමාත්‍යවරයා මෙසේද කීහ.
ලග්ගල ප්‍රදේශයේම පදිංචි ඇතැම් පොලිස් නිලධාරීන් ඉන්නවා. ඔවුන් තමයි මේ දේ කරන්නේ වැටලීමකට වෙන නිලධාරීන් ගියත් අර පොලිස් නිලධාරීන් ව්‍යාපාරිකයන්ට ඔත්තුව දෙනවා.ඒ නිසා මේ වගේ නිලධාරීන් මාරු කළ යුතුයි. මේ දේවල් නැති වෙන්න නම්. මං මේ පිළිබදව ආරක්ෂක අමාත්‍යංශයටත් දැනුම් දෙනවා.
මේ පිළිබඳව විමසීමේද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුයේ මෙතෙක් ඒ පිළිබඳව තොරතුරු වාර්තා වී නොමැති බවත් මේ ප්‍රකාශය පිළිබද තොරතුරු සොයා බලා එහි නිවැරදිතාවක් ඇත්නම් ඒ නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවයි.