උප ඇමැති දෙන්නා පුරපතිට පොලිසියෙදිත් ගහති?


උතුරු කැබිල්ලවෙලදී හා බණ්ඩාරවෙල පොලිසියේ දී  පහර කෑමට ලක්වූ බව කියන බණ්ඩාරවෙල නගරාධිපති (එක්සත් ජාතික පක්ෂ) චමින්ද විජේසිරි මහතා බදුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබීය.

 ඔහුගේ නළල තුවාල වී ඇත.

උතුරු කැබිල්ලවෙල දී ඡන්ද පොළට යද්දි එම දෙදෙනා ඇතුළු පිරිසක් තමාට මුලින්ම පහර දුන් බවත්, පැමිණිල්ල කිරීමට පොලිසියට එද්දී පොලිසියේදීත් පහර දුන් බවත් පුරපතිගේ පැමිණිල්ලේ සඳහන් වේ. නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනාගේ නම් ද ඔහු පොලිසියට ඉදිරිපත් කර ඇත. ඉන් එක් අයකු පුත්තලම දිස්ත්‍රික්කයේ ද, අනෙක් පුද්ගලයා දකුණු පළාත ද නියෝජනය කරති.

පොලිස් ප්‍රකාශකයකු පැවසුවේ සිද්ධිය ගැන පැමිණිල්ලක් ලැබී ඇතත් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවයි.

 

 

NAGARA-1 NAGARA-4 NAGARA-6

DSC_0086 DSC_0090 DSC_0104