ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැලියක් සඳහා වඳුරඹ නගරයේ ඉදි කළ වේදිකාවකට ගිනි තබා ශබ්ද විකාශන යන්ත්‍රවලට හානි කළැයි සුළු අපනයන බෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ අධාරකරුවන් තිදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ජීප් රථ දෙකකින් පැමිණි පිරිසක් ගිනි තබා විනාශ කොට සැරසිලිද කඩා එහි ශබ්ද විකාශන යන්ත්‍රවලටද හානි කර ඇති අතර ශබ්ද විකාශන යන්ත්‍ර ප්‍රවාහන කළ ලොරි රථයටද ගිනි තබා තිබිණැයි පොලිසියට පැමිණිලි කර තිබිණි.

