දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දී සුමින්ද සමන් හිටපු පොලිස් කොස්තාපල් දඩ කොළයක් දුන් නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකරගේ වාහනයේ තිබුණේ ව්‍යාජ අංක තහඩුවක් බව හෙළි වීම නිසා ඊට එරෙහිව නඩු පවරන බව පොලිසිය කියයි.
එම වාහනය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නැයි සති කිහිපයකට පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයකු හෝමාගම පොලිසියට දන්වා ඇතත් මෙතෙක් නඩු දමා නැත.

