උප අමැති කාදර්ට හලෝවෙන් මරණ තර්ජන


නියෝජ්‍ය ඇමැති අබ්දුල් කාදර් මහතාට මරණිය තර්ජනය කළැයි කියන දුරකතනයේ විස්තර කොල්ලුපිටිය පොලීසියට සපයන ලෙස ජංගම දුරකතන සැපයුම් සමාගමකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.

නාදුනන පුද්ගලයකු දුරකතනයෙන් තමාට සඳුදා රාත්‍රියේ බැන වදිමින් මරණ තර්ජනය කළැයි පරිසර නියෝජ්‍ය ඇමැති  කාදර් මහතා කොල්ලුපිටිය පොලීසියට පැමිණිලි කළේය.පොලීසිය ඒ අනුව මහේස්ත්‍රාට කරුණු වාර්තා කළේය.