උදුල්ට පහර දුන්නැයි නාවික හමුදා හයක් අත්අඩංගුවට


අන්තරේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න 2014 පෙබරවාරි 25 වැනිදා යතුරුපැදියකින් කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී තර්ජනය කර පහරදුන් බව කියන ප්‍රභූ ආරක්ෂකයන් ලෙස සේවය  කළ නාවික හමුදාවේ හය  දෙනකු අද (19) අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.

සිද්ධිය වූ දා ප්‍රභූ ආරක්ෂක රථයකින් පැමිණි එම පිරිස තමාට ටී 56 ගිනි අවියක් පෙන්වා ප්‍රභූ වාහනයට ඉඩ දෙන ලෙස තර්ජනය කළ බවත් සිය මුහුණට පහරදුන් බවත් කියමින් උදුල් ප්‍රේමරත්නට පොලිසියට පැමිණිලි කර තිබිණි.