මැදිරිගිරිය උදාරගම ප්‍රාථමික විදුහලේ පළමු වසරේ සිසුන්ට ඩෙස් පුටු නොමැති වීම හේතුවෙන් තාවකාලික මඩුවක අකුරු කිරීමට සිදුව ඇතැයි මව්පියෝ කියති.
පසුගියදා පළමු ශ්‍රේණියට සිසුන් 68 දෙනකු ඇතුළු කරගත්තද අනාරක්ෂිත මඩුවක බිම හිඳගෙන අකුරු කිරීමට දරුවන්ට සිදුව ඇතැයි ඔවුහු පවසති. උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක නිර්මලා ඒකනායක මහත්මිය පැවසූයේ මේ සම්බන්ධයෙන් දැනුවත් වී නැති බවත් කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයෙන් විමසන ලෙසත්ය.
ඒ අනුව හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ප්‍රසාද් ජයවර්ධන මහතා පැවසූයේ නව පන්ති කාමරයක් ගොඩනැගීම අද හෙටම ආරම්භ කිරීමට නියමිත බවයි.



