දශක හයක් පුරා උදාරතර ජාතික, ආගමික හා ශාසනික මෙහෙවරක නිරත වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී හා සාධාරණ සමාජයක් වෙනුවෙන් අභීතව හඬ නැගූ ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක් වන සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු, කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියෝ හෙට (12) පස්වරුවේ දැයෙන් සමුගනිති.
උන් වහන්සේගේගේ දේහය පිළිබද ආදාහන පූජෝත්සවය සියලූ රාජ්‍ය ගෞරව සහිතව පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී හෙට (12) පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිතය.
මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන බ්‍රහස්පතින්දා (12) රජය විසින් ජාතික ශෝක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබේ.
නා හිමියන්ගේ දේහය කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථ ධර්ම ශාලාවේ අවසන් ගෞරව දැක්වීම සඳහා බ්‍රහස්පතින්දා දහවල් 12 දක්වා ඉඩකඩ ලැබෙයි. පස්වරු 1.30ට ශ්‍රී දේහය ආදාහන මළුව කරා වැඩ කැරවීම ඇරැඹෙයි.
රිය පෙරහැර කෝට්ටේ පාර ඔස්සේ පැමිණ කුළුණ හන්දියෙන් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයට පිවිස, පොල්දූව හන්දිය දක්වා ගමන් කර එතැනින් පාර්ලිමේන්තු මාර්ගයට පිවිස ආදාහන මළුවට පැමිණීමට නියමිතය.
රිය පෙරහැර පස්වරු 3.00 පමණ වන විට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට ළඟා වනු ඇතැයි අපේකෂා කෙරෙන අතර ඉන් පසු ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කෙරේ.
දේහය රැගත් පෙරහර ගමන් ගන්නා මාර්ගය සහ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අවට පොලීසිය විසින් හෙට දිනයේදී විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වීමට නියමිතය.
බ්‍රහස්පතින්දා දිවයිනේ සියලූ මත්පැන් අලෙවිසැල් වසා තැබීමට, මස් පි‚ස සතුන් ඝාතනය සහ මස් අලෙවියද තහනම් කිරීමට රජය තීරණය කර ඇත.
මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සියලූ සිනමා ශාලා ද වසා තැඛෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
බස්නාහිර පළාතේ සියලූ පිරිවෙන් සඳහා නිවාඩු ද ලබා දී තිබේ.
උන් වහන්සේට ගෞරව කිරීමක් ලෙස සෑම රාජ්‍ය ආයතනයකම හා නිවසකම කහ වර්ණ ධජයක් ඔසවා ශෝකය පළ කරන ලෙස ද රජය ඉල්ලීමක් කර ඇත.

