උදාර - චතුරංග ශතක ලබති


ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර ශාන්ත කිස්ට්හි වෝනර් උද්‍යානයේදී පැවැත්වෙන සිව්දින (නිල නොවන* ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (6 වැනිදා) පළමුව පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 466ක් රැුස් කර ගත්තේය. දෙවැනි දිනය අවසන් වන විට බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල කඩුලූ 1ක් දැවී ලකුණු 147ක් රැස් කිරීමට සමත් ව සිටියේය.

චතුරංග ද සිල්වා පන්දු 149කදී හතරේ පහර 8ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 109 ක් රැස්කළ අතර උදාර ජයසුන්දර හතරේ පහර 13ක් සමගින් ලකුණු 101 ක් ලබාගත්තේය. නිකිතා මිලර් ලකුණු 141 කට කඩුලූ 6 ක් ලබා ගනිමින් දස්කම් දැක්වීය.

බටහිර ඉන්දීය කොදෙව් ඉනිම සඳහා අසාද් ෆුදාදීන් හතරේ පහර 9ක් සහිතව ලකුණු 81ක් රැස් කරමින් නොදැවී සිටියේය.

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල සියළු දෙනා දැවී ලකුණු 466
(චතුරංග ද සිල්වා 109, උදාර ජයසුන්දර 101, අශාන් පි‍්‍රයන්ජන් 65, කිත්රුවන් විතානගේ 62, දිමුත් කරුණාරත්න 51, නිකිතා මිලර් 141/6)

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ‘ පිල කඩුලූ 1ක් දැවී ලකුණු 147
(අසාද් පුදදින් 81, තරිදු කෞෂාල් 71/1)