(යොහාන් භාසුර)
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය දෙසැම්බර් මාස සියයට සෘණ 2.0 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද ((21) නිවේදනය කළේය.
නොවැම්බර් මාස උද්ධමනය සියයට සෘණ 1.7 ක්ව පැවැති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දෙසැම්බර් මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට සෘණ 1.0 ක් දක්වා අඩු වී ඇති බවත් එය පසුගිය නොවැම්බර් මාසයේ සියයට 0.0 ක පැවැති බවත් එම දෙපාර්තමේන්තුව කීය.
ආහාර නොවන කාණ්ඩයේ නොවැම්බර් මස උද්ධමනය සියයට සෘණ 3.1 ක පැවැති බව කියන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එය නොවැම්බර් මාස සියයට සෘණ 2.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද සඳහන් කරයි.