තබ්බෝව අභය භූමියෙන් අනවසරයෙන් වැලි ට්‍රැක්ටරයක් ගෙන ආ බව කියන කළුවරගස්වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චමින්ද රුවන් පෙරේරා බැඳුම්කරයක් මත මුදාහල බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් සැකපිට තවත් සිව් දෙනෙක් පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් බසාන් අබුතාහිර් මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
උප සභාපති අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගැමියන් පිරිසක් පොලිසිය ළඟ උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් පසුව ඔහු මුදා හැර ඇතැයි දැනගන්නට ඇත.

