උද්ඝෝෂණ වලින් මහජනයාට පීඩා, මාර්ග අවහිරතා බෑ


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය ශිෂ්‍ය සංගමය අද (2) සංවිධානය කර ඇති සයිටම් විරෝධී උද්ඝෝෂණය මහජනයාට පීඩාවක් හා මාර්ග අවහිර නොවන අයුරින් සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

ඔවුහු සොයිසා වටරවුම, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම, රජයේ රෝහල් පරිශ්‍රය, සෙරමික් හන්දිය, ගාලු මුවදොර ප්‍රධාන මාර්ගය, කොල්ලුපිටිය හන්දිය, අරලියගහ මැදුර, ජනපති ලේකම් කාර්යාලය, ලිප්ටන් වටරවුම, කොටුව හා මරදාන යන ස්ථානවලින් විරෝධතා පාගමනින් යාමට නියමිත අතර එම ස්ථානවල දී අදාළ නියෝග පිළිපදින ලෙස උසාවිය නියම කර ඇත.