නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරන ලෙසට රජයට බල කරමින් යාපනය විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ සිසුහු අද (13) යාපනයේ උද්ඝෝෂණයක් කළහ.
යාපනය පලාලි මාර්ගයෙන් උද්ඝෝෂණය ඇරඹූ සිසුහු සටන් පාඨ කියමින් යාපනය රෝහල දක්වා ගමන් කළහ.
මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයයට සායනික පුහුණුව දීම ගැන ද ඔවුහු විරෝධතා දැක්වූහ.






