උද්ඝෝෂණයේ 7 දෙනෙක් රෝහලේ


අන්තර්  උසස් ජාතික ගණකාධිකාරි  ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවට අද (29) එල්ල කළ පොලිස් ප‍්‍රහාරයෙන් තුවාල ලැබු  අටදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පිරිස අතර සිසුවියන්  සිව් දෙනකු, සිසුන් තිදෙනකු හා පොලිස් කොස්තාපල්වරයෙකු සිටින බව පැවසේ.

ඉන් සිසුවියන් දෙදෙනකු හා කොස්තාපල්වරයා නේවාසික  ප‍්‍රතිකාර ලබන බව සඳහන්ය.

කලහකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් සිසුන් 39 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙම පිරිස අතර සිසුවියන් පස්දෙනකු හා භික්ෂුන් වහන්සේ දෙනමක් සිටින බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සිසු සිසුවියන්  බම්බලපිටිය  පොලිසියේ රඳවා සිටින අතර හෙට (30) ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


සිසුන් පිරිස කලහකාරි ලෙස හැසිරෙමින් රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පොලිසියට අවම බලය යොදා ඔවුන් පාලනය කිරීමට සිදු වු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.