ඉතාලියේ පවීයා නගරයේ වාසයකරන ලාංකීක 40 හැවිරිදි වෙළඳව්‍යාපාරිකයෙකු විසින් 30 හැවිරිදි කාන්තාවකට 2010 නොවැම්බර් මස පීත්සා හලක රැකියාවක් ලබාදී තම නිවයේ නවාතැන් සපයා දීඇත.පසුව එම කාන්තාව විසින් ඉතාලි අධිකරණය හමුවේ ලාංකිකයාට විරුද්ධව නඩුවක් පැවරීය. තමන්ට ඔහුගේ නිවසේ නවාතැන් නිවසේ සිරකරගෙන දූෂණය කළ බවත්, මරණ තර්ජන එල්ල කළ බවත් ඇය කියන්නීය. ඔහු විසින් පටිගතකරන ලද වීඩියෝ පටයක් ප්‍රසිද්ධ නොකරන්නටනම් යූරෝ 2000 ක මුදලක් ලබාදෙනලෙසත්ය. කාන්තාව පරීක්ෂා කළ වෛද්‍යවරයා අධිකරණය වෙත ඉදිරිපත් කල කරුණු අනුව ඇය දූෂණය කළ බවට සාක්කියක් නැත. එහෙත් එවැන්කට ඉඩ ඇතැයි ඔහු කීවේය.
කෙසේ නමුත් විත්තිකරුගේ නීතීඥවරිය පවසන්නේ මෙම නඩුවෙන් ඔහුට ජය ගැනීමට හැකියාව ඇති බවය.නැවතත් මෙම නඩුව මෙම මාසයේ ඇසීමට ය.