උදයන් පුවත්පත් ප්‍රහාරය ටී.එන්.ඒ හෙළා දකියි


නාඳුනන තුවක්කුකරුවන් තිදෙනකු  අද උදෑසන උදයන් පුවත්පත් කාර්යාලයට කඩා වැදී අසට වෙඩි තබා සේවකයන් බිය ගන්වා මුද්‍රණ යන්ත්‍රයට සහ පත්තර මිටි කිහිපයකට ගිනි තබා ඇති බවත්, උදයන් පුවත්පත තම පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී   ඊ එස් සරවනපවන් මහතාට අයති බවත්, අධි ආරක්ෂිත කළාපය තුළ සිදුවූ මේ සිද්ධිය දැඩි ලෙස හෙලා දකින බවත් දෙමළ ජාතික සංධානය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

කෙටි කාලයක් තුළ උදයන් පුවත්පත් කාර්යාලයට මැර ප්‍රහාර එල්ල වූ හය වන අවස්ථාව මෙය බවත් ඔවුන් සඳහන් කරයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂමන් හුලුගල්ල මහතා කියනුයේ මෙය රජයේ ප්‍රතිරූපයට හානි කිරීම සඳහා කළ වැඩක් බවයි.