යහ පාලනය වෙනුවෙන් පළාත් සභාවට තරඟ වැදීමට රුපියල් සියය බැගින් ලබා දෙන්නැයි ඉල්ලා පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්වීයැයි කියමින් උදය ගම්මන්පිල මහතාට එරෙහිව බොරැල්ල ටිකල් පාරේ ඒ මහතාගේ කාර්යාලය ඉදිරිපිට පිරිසක් විරෝධතාවක් පැවැත්වූහ.
ඔහු වෙනුවෙන් රුපියල් සියයට බැගින් ලබා දුන් මුදල් නැවත ලබා දෙන්නැයි ද උද්ඝෝෂකයෝ ඉල්ලූහ.



