රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නමට කොළඹ වරායේ ඇති පෞද්ගලික භාණ්ඩ රැගත් කන්ටේනරය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට යන බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි කියයි.
විදේශ අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් වරාය අධිකාරියේ සභාපතිවරයා දැනුවත් කර ඇති අතර විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයකු කියා සිටියේ එම බඩු තොගය නිදහස් කරගන්නා ලෙස කිහිපවරක්ම උදයංග වීරතුංගට දැනුම් දුන් බවයි.
එක් අවස්ථාවක හිටපු තානාපතිවරයා ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොස් තවත් නියෝජිතයකුට එම බඩු බාරගැනීමට අවකාශ සලසන ලෙස නිල වශයෙන් දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉල්ලා සිටියද එහිදී පළමුව ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රය ඉදිරිපත් කරන්නැයි විදේශ අමාත්‍යංශය ඉල්ලා සිටීම හේතුවෙන් එය සාර්ථක නොවී ඇතැයි කියති.