උදයංග වීරතුංගගේ ගිණුම්වල සල්ලි දෙන තීන්දුවට සති 4ක්


රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට අයත්ව තිබූ බැංකු ගිණුම් 18 න් සැකකටයුතු සිද්ධීන්ට සම්බන්ධ නොවන ගිණුම් වලින් යම් මුදල් ප‍්‍රමාණයක් මුදා හැරීම සම්බන්ධයෙන්  සලකා බැලීමට සති 4 ක කාලයක් නීතිපතිවරයාට ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

උදයංග වීරතුංග මහතාගේ නැන්දණිය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු තහවුරු කරමින් බුවනෙක අලූවිහාරේ ,අනිල් ගුණරත්න සහ උපාලි අබේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලඓම තීන්දුව ගත්තේය.