මිග් යානා ගනුදෙනුවක දී වංචා කළැයි කියන සිද්ධියක් ගැන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බව ප්‍රකාශ කරන ලෙසත් එම වරෙන්තුව යළි කැඳවන ලෙසත් ඉල්ලමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග වෙනුවෙන් ඔහුගේ නැන්දනිය වන ලලිතා මාන්නප්පෙරුම ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළාය.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් සහ නීතිපති ඇතුළු පිරිසක් එම පෙත්සමේ වගඋත්තර කරුවෝ වෙති.